සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් යළි පොලිස් ස්ථාන වෙත අනුයුක්ත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, දිවයින පුරා පොලිස් ස්ථානවල පවතින නිලධාරීන්ගේ හිගය හේතුවෙන්. මීට අමතරව ආධුනික පොලිස් කොස්තාපල්වරුන් ලෙස පොලිස් නිලධාරීන් 3,000ක් පොලිස් ස්ථාන වෙත අනියුක්ත කිරීමටයි පියවර ගෙන ඇත්තේ. නිලධාරීන්ගේ හිගය හේතුවෙන් පොලිස් ස්ථානවල පවතින ගැටලු පිළිබඳ නෙත් නිවුස් මගින්ද මීට පෙර අවස්ථා කිහිපයකදී අනාවරණ කළා.
මීට අමතරව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 209 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී නිලයටද උසස් කර තිබෙනවා. ඒ, සම්මුඛ පරීක්ෂණවලදී ලබා ගත් ලකුණු මට්ටම මතයි.
මේ අතර පොලිස් ස්ථාන වෙත අවශ්‍ය වාහන සහ යතුරු පැදි විදේශයන්ගෙන් ගෙන් වීමටද කටයුතු කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ. එමෙන්ම පොලිස් මූලස්ථානය සඳහන් කළේ උසස් පොලිස් නිලධාරීන් 13 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දී ඇති බවයි. ඒ අතරින් 12 දෙනෙකුම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්. මෙලෙස ස්ථානමාරු කර ඇත්තේ සේවයේ අවශ්‍යතාද සැලකිල්ලට ගනිමින්.
(Neth)