Sunday, November 16, 2025
Follow Us
කොවිඩ් එන්නත ලබා විදෙස්ගතව සිට එන අය නිවෙස් නිරෝධායනයට යොමු කිරීම ගැන තීරණය සඳුදා

කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් නිවෙස් නිරෝධායනයට යොමු කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබන සඳුදා වනවිට ඒ සම්බන්ධයෙන් තීරණයක් ලබාදෙනු ඇති බවයි.

මේ අතර, ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 292 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 86,989 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 83,561 දෙනෙකු සුවය ලබා තිබෙනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 86,989 ක්. ඊයේ දිනයේදී තවත් කොරෝනා මරණ 05 ක් වාර්තා වූ අතර ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 520 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

(Neth)