Saturday, January 17, 2026
Follow Us
කොවිඩ් එන්නත ලබාදීම අගමැති නිරීක්ෂණය කරයි

කොළඹ මහනගර සභා බලප්‍රදේශයේ මහජනතාවට කොවිඩ් එන්නත ලබාදීමේ වැඩසටහන අද (11) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ එන්නත්කරණ වැඩසටහන පැවති අතර එහිදී 1,200ක පිරිසක් එන්නත ලබාගෙන ඇත.

එම අවස්ථාව සඳහා නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය සහ වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩල ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් සහභාගී විය.

(Aruna)