Sunday, November 16, 2025
Follow Us
අවුරුදු උත්සවවලට ඉඩ දෙනවාද නැද්ද - සෞඛ්‍ය බලධාරීන් සාකච්ඡාවක

එළඹෙන සිංහල හා දෙමළ අළුත් අවුරුදු සමයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් අවුරුදු උත්සව පැවැත්වීම සඳහා අවසර ලබාදීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගෙන අවුරුදු උත්සව පැවැත්වීමට හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට එම අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් මූලික අදියරයේ සාකච්ඡා පවත්වා ඇති අතර මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වැඩිදුරටත් අනාවරණ වුණේ.

මේ අතර, ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 342 දෙනෙකු මෙරටින් වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා.

විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ අද දිනයේදී 900 කට ආසන්න පිරිසක් රැගෙන යාමට නියමිත බවයි යුද හමුදාපතිවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

(Neth)