Saturday, January 17, 2026
Follow Us
ප්‍රහාරය ගැන විශේෂ හෙළිදරව්වක්

බුද්ධි අංශ අකර්මන්‍ය කිරීම හේතුවෙන් පාස්කු ප්‍රහාරය වළක්වාගැනීමට තිබූ අවස්ථා 9 ක් මගහැරී ගොස් ඇතැයි මහජන ආරක්‍ෂාව පිළිබද අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර අද පාර්ලිමේන්තුවේදී කියාසිටියා.

ඒ, පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබද පාර්ලිමේන්තුවේ අද ආරම්භ වූ විවාදයට එක්වෙමින්.

පාස්කු ප්‍රහාරයට අදාළව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති පිරිස පිළිබදවද මෙහිදී අදහස් පළ කළා.

පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබද තවදුරටත් පාර්ලිමේන්තුවේදී විවාදය පැවැත්වෙනවා.

(Neth)