ජාතික උරුමය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) දින එම අමාත්‍යාංශයේ පැවැති පුරා විද්‍යාව උපදේශක සභාවෙන් පසු පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින්; පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පවසා සිටියේ නව පුරාවිද්‍යා ආඥා පණතක් සඳහා වන කෙටුම්පතක් සකස් කර එය එදින පැවැති පුරාවිද්‍යා උපදේශක සභාවට භාර දුන් බවයි.
එම කෙටුම්පත පිළිබඳ අදහස් ලබා දීමට පුරාවිද්‍යා උදේශක සභාවට සති තුනක් කල් දුන් බවත් එම අදහස් ලැබුණු පසු ඉදිරියේ දී බෞද්ධ කටයුතු සඳහා වන උපදේශක සභාවට ද ඉදිරිපත් කිරීමෙන් පසු මහජන අදහස් විමසීමට ඉදිරිපත් කරන බවත් පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉන් අනතුරුව එය නීතියක් බවට පත් කිරීමට කටයුතු කරන බව වැඩිදුරටත් සඳහන් කළේය.
(Lanka Leads)