Sunday, November 16, 2025
Follow Us
පාසල් ආරම්භ කරන දිනය මෙන්න

බස්නාහිර පළාතේ පාසල් හැර දිවයිනේ සෙසු පාසල් මේ මස 15වනදා ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කරයි.

බස්නාහිර පළාතේ පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිර්දේශ ඉල්ලා ඇති අතර එම නිර්දේශ ලද වහාම බස්නාහිර පළාතේ පාසල් නැවත ආරම්භ කරන දිනය ප්‍රකාශයට පත්කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

අද (08) පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකශ කර ඇත.

(Aruna)