Saturday, January 17, 2026
Follow Us
ඊයේ ලැබුණු එන්නත් අද සිට මහජනයාට

කොවැක්ස් පහසුකම යටතේ ඊයේ (07 වැනිදා) අලුයම මෙරටට ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත අද (08 වැනිදා) සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ප්‍රමුඛතාව දෙමින් ලබා දීමට කටයුතු කෙරේ.

කොවිඩ් පාලන කටයුතු ඇමැති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඒ බව පවසා සිටියේය.

ඊයේ (07 වැනිදා) අලුයම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ යුනිසෙෆ් අරමුදල මගින් කොවැක්ස් පහසුකම යටතේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා දෙලක්ෂ හැටහතර දහසක ප්‍රමාණයක් මෙරටට ගෙන එන ලදී.

යුනිසෙෆ් ආයතනය මගින් මිලදී ගනු ලැබූ මෙම එන්නත් තොගය රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේට යුනිසෙෆ් ආයතනයේ ශ්‍රී ලංකාවේ නියෝජිත එමා බ්‍රින්ගම් විසින් කටුනායක ගුවන්තොටුපොළේ දී භාර දෙන ලදී.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොවැක්ස් පහසුකම අතර ඇති කරගත් ගිවිසුම අනුව නිෂ්පාදකයාගේ ධාරිතාව අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත ලැයිස්තුවෙන් බලය පැවරෙන පරිදි මාත්‍රා මිලියන 1.44ක් යුනිසෙෆ් ආයතනය මගින් 2021 මැයි මස අවසානය දක්වා මෙරටට අදියරෙන් අදියර ලබාදෙනු ඇත.

(Aruna)