Friday, January 16, 2026
Follow Us
පාසල් පොත්-සපත්තු සහන මිලට සතොසෙන්

පාසල් සිසුන්ට අවශ්‍ය සපත්තු සහ අභ්‍යාස පොත් සතොස මගින් සහන මිලට ලබාදෙන බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන පැවැසීය.

අභ්‍යාස පොතක් වෙළෙඳපොළ මිලට වඩා රුපියල් 10ක් අඩුවෙන්ද සපත්තු කුට්ටමක් රුපියල් 300ක් අඩුවෙන්ද ලබාදීමට නියමිතය.එළැඹෙන සතියේ සිට මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

බන්දුල ගුණවර්ධන මේ බව ප්‍රකාශ කළේ වෙළෙඳ අමාත්‍යංශයේ ඊයේ (04 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය.

ඊට අමතරව ආනයනික හාල් මැස්සන් කිලෝ එකක් රුපියල් 575කටත් දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 150කට සහ රතුලූනු කිලෝවක් රුපියල් 230කට සතොස මගින් අද (05 වැනිදා) සිට ලබාගත හැකි බවද ඇමැතිවරයා සඳහන් කළේය.

(Aruna)