Thursday, March 28, 2024
Follow Us
සති දෙකකින් පසු ජල කප්පාදුවක් එන ලකුණු ....

පවතින වියළි කාලගුණ තත්වය හමුවේ බාධාවකින් තොරව ජල සැපයුම සිදු ජළ හැකි වනු ඇත්තේ තවත් සති දෙකක කාලයක් පමණක් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

දැනටමත් ජල සැපයුම අඩාල වී ඇති උස්බිම් ප්‍රදේශ සඳහා බවුසර් මගින් ජලය බෙදාහැරීම ආරම්භ කර ඇති බවයි එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තිළිණ විජේතුංග මහතා මාධ්‍ය වෙත පැවසුවේ.

මේ අතර ජලය ඝන මීටර් 180,000ක් පිරිපහදු කළ හැකි නව පවිත්‍රාගාරයක් පසුගිය නොවැම්බර් 18 වනදා සිට අඹතලේ දකුණු ඉවුරේ ස්ථාපිත කර ඇති නිසා කොළඹ, මහර සහ කැළණිය ප්‍රදේශ සඳහා ජලය බෙදාහැරීමෙහි ගැටළුවක් මෙතෙක් පැනනැඟී නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය.

(LNW)