Friday, January 16, 2026
Follow Us
ගුරුවරුන්ටත් විදුහල්පති සේවයට එක්වීමට අවස්ථාව

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් තුළින් සුදුස්සන් තෝරාගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව තිබේ.

වත්මන් තත්ත්වයට පමණක් සීමා වන පරිදි ව්‍යුහගත පරීක්ෂණයක් තුළින් බඳවා ගැනීම් සිදුකිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර එම යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී ඇත.

රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ තරඟ විභාගයක් සහ සම්මුණ පරීක්ෂණ පවත්වා විධිමත් පත්වීම් ලබාදීමට වසරකට ආසන්න කාලයක් ගත වන බවට නිරීක්ෂණය වී ඇතැයි රජය පවසයි.

දැනට දීර්ඝ කාලයක් ගුරු සේවයේ සුදුසුකම් ලත් අයට සහ සේවා ව්‍යවස්ථාවට අනුව සුදුසුකම් සපුරන ගුරු සේවයේ අනෙකුත් පිරිසට ද ඒ අනුව විදුහල්පති සේවයේ III ශ්‍රේණියේ බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් විය හැකිය.

විදුහල්පති සේවයේ I, II හා III ශ්‍රේණි සඳහා පුරප්පාඩු 4,600ක් පවතී.

(Aruna)