Sunday, November 16, 2025
Follow Us
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ගැන ඇමති නාමල්ගෙන් සැර ප‍්‍රකාශයක්

ශ‍්‍රී ලංකා 20යි 20 කි‍්‍රකට් නායක දසුන් ශානකගේ වීසා ගැටලූව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් වාර්තාවක් කැඳවීමට තීරණය කර ඇතැයි ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා. ඒ, හම්බන්තොට සූරියවැව ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. කි‍්‍රකට් නිලවරණයට තෝරාපත්කර ගත යුතු පුද්ගලයින් සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.

වීසා ගැටලූව හේතුවෙන් ශ‍්‍රී ලංකා 20යි 20 කි‍්‍රකට් නායක දසුන් ශානකට බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ විස්සයි විස්ස තරගාවලිය අහිමි වී තිබෙනවා. ඒ අනුව එම තරගාවලියේ ශී‍්‍ර ලංකා නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට ලබාදුන්නා.

(Neth)