Monday, May 12, 2025
Follow Us
සහරාන්ගේ බෝම්බ ගැන ඔත්තු දුන් අයෙකුට පොලිසියෙන් ලක්ෂ 50ක්

අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදී ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයින් සම්බන්ධයෙන් වැදගත් තොරතුරු සැපයු නිට්ටඹුව ප්‍රදේශයේ ලොරි රථ රියදුරෙකුට රුපියල් ලක්ෂ 50 ක තෑගි මුදලක් ලබාදීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් අද (23) සිය අනුමැතිය ලබාදී තිබෙනවා.

පසුගිය අප්‍රේල් 26 වෙනිදා සමන්තුරේ සෙනගල් ග්‍රාමයේ නිවසක සඟවා තිබු පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට සහ එමෙන්ම සමන්තුරේ නින්දවූර් ප්‍රදේශයේ සඟවා තබූ තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ වලට හැකිවුයේ මෙම පුද්ගලයා විසින් ලබාදුන් තොරතුරු අනුවයි.

තමන් සිදුකළ සේවය වෙනුවෙන් කිසිදු ඇගයීමක් නොලැබුණු බව මෙම පුද්ගලයා විසින් පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබු අතර ඒ සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයට තොරතුරු සැලවීමෙන් අනතුරුව වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙම පුද්ගලයා ලබාදුන් එක් තොරතුරක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 25 බැගින් සාර්ථක තොරතුරු දෙක සඳහා ලක්ෂ 50ක තෑගි මුදලක් ලබා දීමට සිය අනුමැතිය ලබාදී ඇත.

(Neth)