Thursday, March 28, 2024
Follow Us
පානීය ජල බෝතල් ව්‍යාපාරිකයො ලොකු ලාභයක් ගන්නවා හැබැයි රජයට ලැබෙන්නෙ සත පහයි - වාසු

පානීය ජල බෝතල් නිෂ්පාදකයන්ගෙන් සහ එම ව්‍යාපාරයේ නිරතව සිටින ව්‍යාපාරිකයන්ගෙන් සැළකිය යුතු ගාස්තුවක් රජයට අයකර ගත යුතු බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. පානීය ජල බෝතල් කර්මාන්තය හරහා ඔවුන් අතිවිශාල ලාභයක් ලබා ගත්තද ඉන් රජයට හිමි වන්නේ ඉතා අවම මුදලක් බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

පානීය ජල බෝතල් ව්‍යාපාරය විශාල ව්‍යාපාරයක් බවට පත්ව ඇති බවත් මේ වනවිට එය අපනයන කර්මාන්තයක් දක්වා දියුණු වී ඇති බවත් නානායක්කාර මහතා පවසනවා. මේ නිසා මෙම කර්මාන්තය සඳහා භාවිතා කරන භූගත ජලය කොපමණද, ඒ හරහා සීමිත සම්පතක් වන භූගත ජල සම්පතට ඇතිවන බලපෑම කොපමණද යන්න පිළිබඳව නිරීක්ෂණය කළයුතු බවද ඔහු පවසනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ඇමතිවරයා, 'එයාලා ලීටරයකින් විශාල ලාභයක් ගන්නවා. හැබැයි එයාලා ආණ්ඩුවට ගෙවන්නෙ සතපහේ ගාස්තුවක්. මේක වැඩිවෙන්න ඕන. එයාලා හම්බ කරන ගාන බලලා ලීටරයකට හොඳ ගාස්තුවක් ගන්න ඕන.' යනුවෙන් පවසයි.

(LNW)