Thursday, April 25, 2024
Follow Us
කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් රැගත් යානය දිවයිනට

ශ්‍රී ලංකාවට තවත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රොසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5 රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ පැමිණ තිබේ.

ගුවන් තොටුපළ අප වාර්තාකරු පැවසුවේ චෙන්නායි හි සිට ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි. 273 දරණ ගුවන් යානයෙන් එම එන්නත් තොගය අද දහවල් 1.30ට මෙරටට රැගෙන ආ බවයි.

එම එන්නත් තොගය සමග ගුවන් මගීන් 14දෙනෙකු සහ තවත් ගුවන් භාණ්ඩ තොගයක් ද රැගෙන එනු ලැබිණි.

අදාළ එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළේදී ගොඩ බෑ සැණින් ආනයන ගුවන් භාණ්ඩ ගබඩා සංකීර්ණයේ ශීතකරණ තුළ ඒවා තැන්පත් කිරීම සිදුකර ඇත.

ඉන් අනතුරුව එම එන්නත් තොගය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් මධ්‍යම ගබඩාව වෙත රැගෙන යාමට කටයුතු කර තිබේ.

(Aruna)