Friday, January 16, 2026
Follow Us
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත දුන් පිරිස ලක්ෂ 3 ඉක්මවයි

කොවිඩ් එන්නත් 39,078 ක් ඊයේ (20) දින තුළ ලබා දී ඇති අතර මෙරට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 302,857 ක් බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරනවා.

මේ අතර ඊයේ (20) දින හඳුනාගත් ආසාදිත පුද්ගලයින් ගණන 543 දෙනෙකු වනවා.

තවද මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ මේ වන විට තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් සඳහා ඉන්දියාවේ ආයතනයකට ගෙවීම් සිදුකළ බවය.

මහාචාර්ය චන්න ජයසුමන මහතා,
”අපි හිතනවා ලබන සති අන්තය වෙන්න ඉස්සෙල්ලා ඉන්දියාවේ සිට ඊළඟ එන්නත් මාත්‍රා ලක්ෂ 5 අපට ලැබෙයි කියලා.”

(Aruna)