Friday, January 16, 2026
Follow Us
ජනාධිපති විශේෂ ත්‍රිපුද්ගල කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ඉල්ලා අස්වේ

දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් විමර්ශන කමිටුවේ වාර්තාව අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ විශේෂ ත්‍රිපුද්ගල කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ඉල්ලා අස්වී තිබෙනවා.

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කර සිටි අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ මහතා එලෙස ඉල්ලා අස්වී තිබෙනවා.

මෙම ඉල්ලා අස්වීම හේතුවෙන් හිස්වන කොමිෂන් සභාවේ සාමාජික ධුරය සඳහා අභියාචනාධිකරණ විනිසුරු ආර්.එම්. සෝභිත රාජකරුණා මහතා පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයාකාර ධම්මික ප්‍රියන්ත සමරකෝන් ජයවර්ධන මහතා එහි සාමාජිකයෙකු ලෙස ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්චයාකාර ඛේමා කුමුදිනි වික්‍රමසිංහ කටයුතු කරනවා.

(Neth)