Friday, January 16, 2026
Follow Us
ඉදිරියේදී රාජ්‍ය සංස්ථාවන්හි සභාපතිවරු වෙනසක්

මන්දගාමී හා අකාර්යක්ෂමව කටයුතු කරන අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිප දෙනකු හා රාජ්‍ය සංස්ථාවන්හි සභාපතිවරුන් කිහිප දෙනකු ඉදිරි සති කිහිපයේදී වෙනස් කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමු වී තිබේ.

එසේ වෙනස් වීමට නියමිත නිලධාරීන් අතර වගාවන්ට සම්බන්ධ අමාත්‍යාංශයක ලේකම්වරයකුද සිටින බව සඳහන් වේ.

ඊට අමතරව රාජ්‍ය බැංකුවක හා විදේශිකයන් සම්බන්ධ ආයතනයක සභාපති තනතුරද වෙනස් වීමට නියමිත බවටද දැනගන්නට තිබේ.

(Aruna)