Friday, January 16, 2026
Follow Us
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ආපසු පවරා ගන්නවායැයි කීම පිස්සුවක්

ත්‍රිකුණාමලයේ පිහිටා ඇති තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවෙන් ආපසු ලබා ගැනීම සම්බන්ධව උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශය මේ වන විට ව්‍යාකූල තත්වයක් නිර්මාණය වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් මාධ්‍යයවේදීන් විමසූ කළ එතුමා පිළිතුරු දුන්නේ “පිස්සු” යනුවෙන් තනි වචනයකිනි. මේ සම්බන්ධයෙන් දේශපාලන නායකයින් කිහිප දෙනෙකු ඊයේ දිනයේ අදහස් දැක්වූ අතර ඔවුන් අතර නාමල් රාජපක්ෂ, වාසුදේව නානායක්කාර, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යයවරුන් මෙන්ම පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතාද විය.

මේ අතර ඉන්දීය මාහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ත්‍රිකුනාමලයේ තෙල් ටැංකි ශ්‍රී ලංකාවට නැවත භාර දෙනවා යැයි පැවසෙන වාර්තාවල කිසිදු සත්‍යයතාවයක් නොමැති බවයි.

(Lanka LEads)