Friday, January 16, 2026
Follow Us
ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 05 ක් මිලදී ගන්න රජය මුදල් ගෙවයි

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් මිලදී ගැනීමට අදාළ ගෙවීම් ශ්‍රී ලංකා රජය මගින් එම එන්නත නිපදවන ඉන්දියාවේ සීරම් ආයතනය වෙත ගෙවා දැමූ බව වැඩ බලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහන යටතේ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙලක්ෂ 64,000 ක් ලබන සතියේදී මෙරටට ලැබීමට නියමිත බවයි වැඩ බලන සෞඛ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

ඇස්ට්‍රාසෙනෙකා එක් එන්නතක් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 5.25 ක වියදමක් රජය විසින් දරණ බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී වැඩ බලන සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)