Wednesday, April 24, 2024
Follow Us
‘‘බුද්ධික පාන් පිටි- කිරි පිටි මාෆියාකාරයින් දණ ගස්වයි‘‘ ළඟදීම මිල සුත්‍රයක්

පාන් පිටි සහ කිරි පිටි සඳහා මිළ සුත්‍රයක් හඳුන්වාදීමට ඉදිරියේදී පියවර ගන්නා බව වැඩබලන කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ ඒ අනුව ඉදිරියේදී කිරි පිටි සහ පාන් පිටි සමාගම් වලට තම අභිමතය පරිදි මිල සංශෝධනයන් කිරීමට කිසිඳ හැකියාවක් නොමැති බවයි.

කැබිනට් මණ්ඩලය හා ජීවන වියදම් කමිටුවත් ඊට අදාළ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවද වැඩබලන අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු වැඩබලන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පැවසුවේ නීතිපති දෙපාර්තමේතුව පවා ඒ සඳහා අදාල උපදෙස් ලබා දී ඇති බවයි.

මේ වන විටත් පාරිභෝගික අධිකාරියේ නිළධාරින් විසින් වැටලිම් කරන අතර මිල ගණන් වෙනස් කරමින් වෙළඳ කටයුතු සිදු කරන වෙළඳදුන්ට දැඩිව නීතිය ක්‍රියාත්ම කරන බවද අමාත්‍යරයා පවසයි.

(Lanka Leads)