ක්‍රිකට් තේරීම් කමිටුව පත් කිරීම සඳහා මෙතෙක් අනුගමනය කළ ක්‍රමවේදය වෙනුවට නව ක්‍රමවේදයක් අනුගමනය කරන බවත්, ඒ අනුව නව තේරීම් කමිටුව සඳහා සුදුසු සාමාජිකයන් යෝජනා කරන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා නොව ජාතික තේරීම් කමිටුව මගින් බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ අනුව ජාතික තේරීම් කමිටුව මගින් සුදුසු පුද්ගලයන්ගේ නම් යෝජනා කරනු ඇති බවත් ඒ සඳහා පසුගියදා පත්කළ ක්‍රිකට් කමිටුවේ සහායද ලැබෙනු ඇති බවත් ඇමතිවරයා පවසනවා.
ක්‍රීඩා ඇමතිවරයා ලෙස තමා සිදු කරන්නේ ජාතික තේරීම් කමිටුව විසින් නිර්දේශ කරන නම් සඳහා අනුමැතිය ලබාදීම පමණක් බවද ඔහු පවසනවා.
ඉදිරි සති කිහිපය තුළ තේරීම් කමිටුව නම් කිරීමට හැකිවනු ඇති බවත්, එය හදිසියේ සිදුකළ නොහැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.
මාර්තු 02 වැනිදා සිට ග්‍රාමීය ක්‍රීඩාංගන සංවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවත්, ඒ අනුව පාසල් 100 ක් සඳහා ක්‍රීඩාංගන ඉදිකිරීමට බලාපොරොත්තු වන බවත් ඇමතිවරයා පවසනවා. මේ සඳහා සෑම ක්‍රීඩාංගන ව්‍යාපෘතියක් සඳහාම රුපියල් ලක්ෂ 32 බැගින් වෙන්කර තිබෙන බවයි ඔහු පවසන්නේ.
(LNW)