ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු මෙවර ඉහල අගයක් ගත්තද ඒවා සකස් කිරීමේදී කිසිදු ගැටලුවක් සිදුව නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා අවධාරණය කරනවා. නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් 2020 ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූවන්ගේ පාසල් කඩඉම් ලකුණු අඩු කිරීමේදී අලුතින් ගැටලු කිහිපයක් මතු වීමේ අවධානමක් පවතින බවයි.
දෙමාපියන්, ගුරු සංගම් ඇතුලු පාර්ශව පැවසුවේ පැවති ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන් සිසුන් ඉහල ලකුණු ලබා ගෙන ඇති බවයි. එබැවින් ජනප්‍රිය පාසලකට ඇතුලත් වීමට තිබූ තරගය තීවෘ වූ බවටයි ඔවුන් චෝදනා කළේ. නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරාගෙන් විමසීමක් කළා.
මෙම ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සකස් කළ වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දී අවසන් බවද ඔහු කියා සිටියා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම වාර්තාවෙන් කඩඉම් ලකුණු මට්ටම අඩු කිරීමෙන් සිදුවිය හැකි ගැටලු හා ඒවා මගහරවා ගැනීම සඳහා ගත යුතු පිළියම්ද යෝජනා කර ඇති බවයි. කෙසේ වෙතත් කඩඉම් ලකුණු ගැටලුව සඳහා පන්තිවල සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමේ විසදුම පිළියමක් නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා අවධාරණය කළා.
මෙම ගැටලුවට විසදුමක් ලැබෙන තෙක් ශිෂ්‍යත්ව විභාගය සමත්වූවන් පාසල් කඩඉම් ලකුණු මත 6 වැනි ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම තවකාලිකව අත්හිටුවා තිබෙනවා.
(Neth)