Friday, January 16, 2026
Follow Us
පෞද්ගලික රෝහල් සේවකයන්ටත් එන්නත්කරණය ඇරඹෙයි

පෞද්ගලික රෝහල්වල සෞඛ්‍ය කාර්යමණ්ඩල සාමාජිකයන් සඳහා ඔක්ස්ෆර්ඩ් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම ආරම්භ කර ඇති බව කොවිඩ් මර්දන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්, වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

මේ වනවිට ප්‍රධාන පෞද්ගලික රෝහල්වල සෞඛ්‍ය සේවකයන්ට එන්නත්කරණය ආරම්භ කර ඇති අතර හෙට (15) සිට මහජනතාවට වඩාත් සමීපව කටයුතු කරන, ප්‍රාදේශීය කුඩා වෛද්‍ය මධ්‍යස්ථානවල සේවකයන්ටද එන්නත් ලබාදීම ආරම්භ කරන බව ලේකම්වරයා පවසනවා.

(LNW)