ඉදිරි මාස කිහිපය රටට අපහසු කාල වකවානුවක් වනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. ඔහු කියා සිටියේ කොරෝනා වෛරසයේ බලපෑමෙන් පසු මේ වන විටත් රට යතා තත්ත්වයට පත් වෙමින් ඇති බවයි.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ සමස්තයක් ලෙස ගත් කළ , 2019 වසර සමඟ සැසඳීමේ දී මෙරට වෙළඳ හිඟය 2020 වසරේ දී අමෙරිකානු ඩොලර් බිලියන 2.0කින් සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවයි.
විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ද 2020 වසරේ දෙසැම්බර් මාසයේදී ඉතිහාසයේ ඉහලම මාසික ලැබීම වාර්තා කර තිබූ බවද මහ බැංකුව පැවසුවා. ඒ අනුව 2020 වසරේ දෙසැම්බර් මාසයේ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ පෙර වසරේ එම මාසයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 813ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. එය සියයට 22 දශම 2ක වර්ධනයක්.
(Neth)