Sunday, November 16, 2025
Follow Us
ඡන්ද හිමි නාම ලේඛන අභියාචනා විභාගය ඇරඹේ

2020 ඡන්ද හිමි නාම ලේඛනය සම්බන්ධයෙන් තිබෙන අභියාචනා විභාග කිරීම ආරම්භ කර ඇත.

ජාතික මැතිවරණ කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ දිස්ත්‍රික් සහකාර ලියාපදිංචි කිරීමේ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් අභියාචනා විභාගය සිදු කෙරෙන බවකි.

ලබන මාර්තු මස 05 වැනිදා දක්වා එම කටයුතු සිදුවනු ඇති. මේ අනුව 2020 ඡන්ද හිමි නාම ලේඛනය සම්බන්ධයෙන් ලැබුණු හිමිකම් හා විරෝධතා සලකා බැලීම සිදුකෙරේ.

2020 ඡන්ද හිමි නාම ලේඛනය ලබන අප්‍රේල් 30 වැනිදාට පෙර සහතික කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

(Aruna)