Sunday, November 16, 2025
Follow Us
මානව හිමිකම් සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවට කොමසාරිස්වරියක් පත් කෙරේ

මෙරට මානව හිමිකම් උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කෙරුණු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කොමසාරිස්වරියක් ලෙස යෝගේෂ්වරී පත්ගුණරාජා පත්කර තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.

ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇත්තේ ඊයේ දිනයේයි. මෙරට සිදුවී ඇතැයි පැවසෙන මානව හිමිකම් උල්ලංඝණය වීම් පිළිබඳ සොයා බලා ඒ පිළිබඳ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට කොමිෂන් සභාවක් පත් කෙරුණේ ඉකුත් 20 වනදායි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ එච් එම් නවාස්ගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස හිටපු පොලිස්පතිවරයෙකු වන චන්ද්‍රා ප්‍රනාන්දු සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි පත් කෙරුණා.

(Neth)