උතුරේ පාසල්වල දරුවන් දකුණේ පාසල් දරුවන් හා මිත්‍ර සම්බන්ධතා ගොඩ නගා ගැනීමට කැමැත්තෙන් පසුවන බව අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් පවසනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඉන්දියානු මහකොමසාරිස් කාර්යයාලය මගින් වාර්ෂිකව පිරිනමන මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව වැඩසටහනේ ශිෂ්‍යත්ව ප්‍රදාන උළෙලට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මේ අතර, දිවයිනේ සියළුම පිරිවෙන් හා බෞද්ධ සීලමාතා අධ්‍යාපන ආයතනවල අධ්‍යයන කටයුතු ලබන 15 වන සඳුදා ආරම්භ කෙරෙන බව දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය නිවේදනය කළේ කොවිඩ් 19 වසංගත රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මගින් ලබාදෙන උපදෙස්, චක්‍රලේඛ සහ නීතිරීතිවලට අනුකූලව පිරිවෙන්වල අධ්‍යයන කටයුතු පවත්වාගෙන යා යුතු බවයි.
(Neth)