Friday, January 16, 2026
Follow Us
කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ප්‍රහාරයක් එල්ල කරණ බවට තර්ජන

කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ප්‍රහාරයක් එල්ල කරණ බවට ලැබුණු නිර්නාමික ලිපියක් හේතුවෙන් මේ වන විට දේවස්ථානයේ ආරක්ෂාව තර කර ඇති බව වාර්තාවේ.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ අදාළ ලිපියේ පාසල් ආගමික ස්ථාන හා පොදු ස්ථානවලට පහර දීමට සූදානමක් ඇති බව සඳහන් වන බවයි .

වෙරළබඩ පොලිසියේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් ඔවුනටද පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

මාධ්‍යය වාර්තා සඳහන් කරන්නේ බුද්ධි අංශ විසින් මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් මෙය සිදුකර ඇත්තේ බිය වැද්දීම සඳහා යැයි ද හෙළිව ඇති බවත්ය.

(Lanka Leads)