Sunday, November 16, 2025
Follow Us
නිදහස්, සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඉක්මණින් ක්‍රියාත්මක කරනවා

නිදහස්, සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා බාධා වන දෝෂ හඳුනා ගෙන තිබෙන බවත් ඒ සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන කඩිනමින් ගෙන එන බවත්; මල්වතු, අස්ගිරි මහ නායක හිමිවරුන් හමුවීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා ප්‍රකාශ කර තිබේ.

මැතිවරණයකදී වැය වන මුදල් ප්‍රමාණය සැලකීමේදී නාස්තිකාර මුදල් විශාල ප්‍රමාණයක් ඒ තුළ අඩංගු වන බවත් එම වියදම් පාළනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කරමින් සිටින බවත් ඔහු පවසා ඇත.

වයස අවුරුදු 18 සම්පූර්ණ වූ අයට වයස සම්පූර්ණ වූ අවස්ථාවේම ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව දීම සඳහා වන පණත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පමණක් ඉතිරිව තිබෙන බවද මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා තිබේ.

ඊට අමතරව මැතිවරණ දිනයේදී අත්‍යවශ්‍ය සේවා රාජකාරිවල නිරත විශාල පිරිසකට ඡන්දය පාවිච්චි කිරීමට නොලැබෙන බැවින් ඔවුන්ට ඡන්දය පාවිච්චි කළහැකි ක්‍රමයක් සැකසිය යුතු බවද කොමසාරිස්වරයා පවසයි.

(Lanka Leads)