Friday, January 16, 2026
Follow Us
O/L ප්‍රායෝගික පරීක්ෂණ පෙර පැවති ආකාරයටම

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පෙර පැවති ආකාරයෙන් ම පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මෙවර ප්‍රායෝගික පරීක්ෂණ, ලිඛිත විභාගය පැවැත්වීමෙන් පසුව සිදු කරනු ලබන බවට එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන ස්ථාන හා දින ඇතුළත් විභාග ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පසුව නිකුත් කරනු ලබන බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව,
40 – සංගීතය (පෙරදිග)
41 – සංගීතය (අපරදිග)
42 – සංගීතය (කර්ණාටක)
44 – නැටුම් (දේශීය)
45 – නැටුම් (භරත)
50 – නාට්‍ය හා රංගකලාව (සිංහල)
51 – නාට්‍ය හා රංගකලාව (දෙමළ)
52 – නාට්‍ය හා රංගකලාව (ඉංග්‍රීසි) යන විෂයන් වලට අදාළ ප්‍රයෝගික පරීක්ෂණ පෙර පැවති ආකාරයට ම පැවැත්වෙනු ඇත.

ඇගයීම් හා තක්සේරුකරණ ක්‍රමවේදයන්හි සිදු කරනු ලබන්නා වූ වෙනස්කම් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සිදු කිරීමට අපේක්ෂිත බව ද අධ්‍යාපන අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි.

(Aruna)