Sunday, November 16, 2025
Follow Us
බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ සියළු පාසල් විවෘත කිරිම මාර්තු 15 දින දක්වා කල් යයි

අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පවසා සිටියේ බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි 15 වන දින යළි විවෘත කිරීමට ගත් තීරණය අවලංගු කර දිවයිනේ සියලුම පාසල් යළි විවෘත කිරීම 2021 මාර්තු 15 වන දා සිදු කිරීමට තීරණය කර ඇති බවයි.

කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් ආරම්භ කිරීම සඳහා නිර්දේශ මීට පෙර ලැබී තිබු අතර, සෞඛ්‍ය බලධාරීන් වෙත යොමුකර ඒ සඳහා අනුමැතිය ලැබුණු පසු පෙබරවාරි 15 වනදා බස්නාහිර පළාතේ බොහෝ පාසල් ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාවරයා කියා සිටියේය.

මීට පෙර කොළඹ දිස්ත්‍රික්කයේ පවත්නා සමස්ත පාසල් සංඛ්‍යාව වන පාසල් 492න් පාසල් 412ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 589ක් හා කළුතර දිස්ත්‍රික්කයේ පාසල් 442ක් විවෘත කිරීමට පසුගියදා තීරණය කර තිබුණි.

(Lanka Leads)