Friday, January 16, 2026
Follow Us
අමෙරිකාවේ යළි පැමිණීමත් සමග මානව හිමිකම් කවුන්සිලයෙන් ලංකාවට වැඩි බලපෑම්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය ඉදිරිපත් කරන්නේ යම්කිසි ප්‍රතිපත්ති රාමුවක් තුළ බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. මානව හිමිකම් කවුන්සිලයට
ශ්‍රී ලංකාව ලබාදුන් ප්‍රතිඥාවලින් වැඩි කොටසක් මේවනවිටත් ඉටුකර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේවෙතත්, අමෙරිකාව යළිත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයත් සමග එක්වීම හමුවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි බලපෑම් ඉහළ බවයි නෙත් නිවුස් කළ විමසීමකදී නීතීඥ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා පැවසුවේ. ඉන්දියාවේ සහයෝගීතාවය ද මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට වැදගත් බව ද ඔහු ප්‍රකාශ කළා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය ලබන 22 වනදා ආරම්භ වීමට නියමිතයි.

(Neth)