Friday, January 16, 2026
Follow Us
සතොස ලාභ ලබන තැනක් කිරීමට තවත් වසරක් ගතවේවි

සතොස ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට තවත් අවුරුද්දකට අධික කාලයක් ගතවනු ඇතැයි වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා සදහන් කළේ ඉකුත් ආණ්ඩු සමයේ සිදුකළ අක්‍රමිකතා හේතුවෙන් සතොස පාඩු ලබන ආයතන බවට පත්ව ඇති බවයි.

රාජ්‍ය ආයතනවල නිෂ්පාදන සෑම දිස්ත්‍රික්කයකම එක් මධ්‍යස්ථානයක් හරහා ලබාගැනීම ක්‍රමවේදයක් ඉදිරියේදී සකස් කරන බවයි වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සදහන් කළේ.

(Neth)