Saturday, November 15, 2025
Follow Us
ගුරුවරුන්ටත් එන්නත්

මේ මස අවසානයේ හෝ ලබන මස ආරම්භ වූ පසු පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා.

අධ්‍යාපන අමාත්‍ය මහාචර්ය ජී.එල් පීරිස් මහතා සඳහන් කරන්නේ මේ වන විටත් සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කර ඇති බවයි. අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍යවෙත අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය මහාචර්ය ජී.එල් පීරිස් මහතා,

“මම යෝජනා කරලා තියෙනවා ගුරුවරුන්ට ඒ එන්නත ලබාදිය යුතුයි කියලා. මොකද ගුරුවරයා අවදානමට ලක්වෙනවා. විශාල පිරිසක් සමග දෛනිකව ගැටෙනවා. එම නිසා ගුරුවරයාටත් යම්කිසි ආරක්ෂාවක් ලබාදීම යුක්ති සහගතයි. මම ඒ මතය ඉදිරිපත් කරලා තියෙනවා. ලලිත් වීරතුංග මැතිතුමා සමග මම මේ ගැන කතා කළා. ගුරුවරුන්ටත් මේක ලබාදෙන්න ඕනේ කියලා. එතුමා මට කිව්වා පෙබරවාරි මාසයේ අවසානයේ බැරි වුණොත් මාර්තු මාසයේ ගුරුවන්ට සීමිත ප්‍රමාණයක් හෝ ලබාදෙන්න අදියර කිහිපයකින්. මුළු රටට ම එක සැරේ කරන්න බෑ. ඒ පිළිබඳ ආරම්භයක් අපි කළ යුතුයි කියලා මාර්තු මාසයේ වුණත්. නිශ්චිත පොරොන්දුවක් දුන්නේ නෑ කරනවා කියලා. නමුත් එය හොඳ අදහස් නිසා මාර්තු මාසයේ කරන්න උත්සහ දරමු යි යන්න පැවසුවා.“

(Aruna)