කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් නිරෝධායනය විය යුතු දින ගණන අඩු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා. ඒ, අනුව මෙතෙක් දින 14ක් නිරෝධායන මධ්‍යස්ථානවල ගත කළ යුතු වුවත් එය දින 10කට අඩු කිරීමටයි අවධානය යොමුව ඇත්තේ. එළෙස දින 10කට අඩු කෙරෙන්නේ රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයින් නිරෝධායන කාලය පමණයි.
එම දින 10 ගණනය කරනු ලබන්නේ ද කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වූ පුද්ගලයෙකුගේ සාම්පල ලබාගත් දිනයේ සිට දින 10 ක් ඉදිරියට බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ. ඔහු කියා සිටියේ ආසාදිත පුද්ගලයින්ගෙන් වෛරසය ව්‍යාප්ත විය හැකි බවට සැලකෙන දින 10ක කාල සීමාව තුළ පමණක් ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථානවල රඳවා තැබීමටත්, ඉදිරි 4 නිවෙස් තුළ නිරෝධායනයේ තැබීමටත් කටයුතු කරන බවයි.
විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් කියා සිටියේ මෙරටදී භාවිත කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත සාර්ථක ප්‍රතිඵල පෙන්වන බවට පරීක්ෂණවලදී හෙලි වී ඇති බවයි.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදුන් මෙරට පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට එක්ලක්ෂ 60,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ දිනය වන විට සෞඛ්‍ය, ආරක්ෂක අංශ ඇතුලු කොවිඩ් මර්දනයේ පෙරමුණේ සිටින එක්ලක්ෂ 60,148 දෙනෙකුට එන්නත ලබා දී අවසන් කර තිබුණා.
(Neth)