Saturday, November 15, 2025
Follow Us
පෞද්ගලික බස් වර්ජනයක් අභියස ලංගම සියලු බස් ධාවනයට

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පෞද්ගලික බස් රථ සේවකයින් ආරම්භ කිරීමට නියමිත වැඩ වර්ජනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද දිනයේද පැවැත්වීමට නියමිතයි. ඒ, පෞද්ගලික බස් හිමියන් සහ මුදල් හා ප්‍රාග්ධන වෙළදපොළ රාජ්‍ය අමාත්‍යංශය අතරයි.

මෙම සාකච්ඡා අසාර්ථක වුවහොත් අද රාත්‍රීයේ සිට වර්ජනයේ නිරත වීමටයි පෞද්ගලික බස් සංගම් සූදානම් වන්නේ. බස් රථවල ලීසිං පොළිය අඩු කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මෙම වර්ජනයට හේතුව ලෙස මීට පෙර ප්‍රකාශ කෙරුණා. කෙසේවෙතත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගෙන් නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියා සිටියේ පෞද්ගලික බස්රථ හිමියන්ට ලබා දිය යුතු ඉහලම සහන ලබා දීමට දැනටමත් කටයුතු කර ඇති බවයි.

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ධාවන, පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ අද සිට ලංගම බස් රථ ධාවනය උපරිම ධාරිතාවයෙන් සිදු කරන බවයි. කෙසේවෙතත් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තවමත් බස්රථ භාවිත කරන මගීන්ගේ අඩුවක් දක්නට බවද ඔහු කියා සිටියා.

සමාන්‍යයෙන් දෛනිකව ධාවනය වන බස්රථ සංඛ්‍යාව 5,300ක්. මේ වන විට ධාවනයට එක්කර ඇත්තේ ඉන් බස් රථ 4,500ක් පමණයි.

(Neth)