Saturday, November 15, 2025
Follow Us
දැඩි සීමා කිරීම් මාධ්‍යයේ වුවද පසු ගිය වසරේ ආනයන අපනයන අතර පරතරය ඩොලර් මිලියන 4000යි-මුදල් අමාත්‍යංශය

මුදල් අමාත්‍යාංශයේ වාර්තා වලට අනුව ආනයනය දැඩි ලෙස සීමා කරන තිබුණද පසුගිය වසරේදී මෙරටට විදේශයන්ගෙන් ඩොලර් මිලියන 15000 ක භාණ්ඩ ආනයනය කර ඇති බව තහවුරු වේ.

එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉකුත් වසරේ අපනයන වලින් ලැබුණු ආදායම ඩොලර් මිලියන් 11000ක් බවයි.

ඒ අනුව තහවුරු වන්නේ දැඩි සීමා කිරීම් මතද පසු ගිය වසරේ ආනයන සහ අපනයන ආදයම අතර පරතරය ඩොලර් මිලියන 4000ක් පමණ වන බවයි.

කෙසේ නමුත් මුදල් අමාත්‍යංශය අපේක්ෂා කරනන ආකාරයට මේ වසරේ මැද භාගය වනවිට සංචාරක කර්මාන්තය නැගිටීමත් සමඟ විදේශ ප්‍රේශණ වල ගලා ඒම හේතුවෙන් ආනයන සහ අපනයන අතර පවතින ඩොලර් හිඟය යථා තත්ත්වයට පත්වනු ඇත.

ඒ අනුව විදේශ ප්‍රේශන ගලා එන තෙක් ඩොලර් සංචිතවලට ඇති පීඩනය ඒ ආකාරයෙන් පවතිනු ඇතැයි යන්න මුදල් අමත්‍යාංශයේ ගණන් බැලීම වී ඇති බව වාර්තා වේ.

(Lanka Leads)