Saturday, November 15, 2025
Follow Us
හෙට සිට CTB බස් රථ ධාවනය උපරිම ධාරිතාවයෙන්

හෙට සිට බස් රථ ධාවනය උපරිම ධාරිතාවයෙන් සිදු කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ධාවන, පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තවමත් පොදු ප්‍රවාහන සේවා භාවිත කරන මගීන්ගේ අඩුවක් දක්නට ලැබුණ ද එම තත්ත්වය නොසළකා ලංගම බස් රථ කාලසටහන් හෙට සිට ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර ඊයේ දිනය තුළ පුද්ගලයින් 3,838කට “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව මේ වනවිට එක්ලක්ෂ 60,148 දෙනෙකුට එන්නත ලබා දී අවසන් කර තිබෙනවා.

(Neth)