Saturday, November 15, 2025
Follow Us
සාමාන්‍ය ජනතාවට කොවිඩ් එන්නත් දීම කවදා ද ?

සාමාන්‍ය ජනතාව සඳහා කොවිඩ් එන්නත් ලබාදීම මාර්තු මස පළමු සතියේ සිට ඇරඹිය හැකි බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරනවා.

(05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරිය සඳහන් කරන්නේ එන්නත් වලින් කිසිදු ප්‍රධාන අතුරු ආබාධයක් මෙතෙක් වාර්තා වී නැති බවකි.

කෙසේ වෙතත් උණ සහ ඇඟේ අමාරුව වැනි රෝග ලක්ෂ සමාන්‍ය දෙයක් බවත් එහිදි සඳහන් කර ඇත.

එන්නත ලබාදීමෙන් අනතුරුව වාර්තාවන ආසාදිතයන් ගණන අඩුවිය හැකි බවත් මෙහිදී PCR සහ ඇන්ටිජන් පරික්ෂණ සංඛ්‍යාව ද අඩුකළ හැකි බව අමාත්‍යවරිය සඳහන් කරනවා.

“ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ්” එන්නතේ එක් මාත්‍රාවකින් පමණක් කොවිඩ් – 19 වෛරසය පැතිරීමේ හැකියාව 67%කින් පමණ අඩුවන බවට අනාවරණය වී ඇති බවද මෙහිදී සඳහන් කරනු ලැබුවා.

(Aruna)