Friday, January 16, 2026
Follow Us
ඉන්දීයාවෙන් ලබා ගත ණය මුදල ගෙවලා ඉවරයි

ඉන්දියානු සංචිත බැංකුව (Reserve Bank of India) සමග ඇතිකරගත් විනිමය හුවමාරු පහසුකම යටතේ ලබාගෙන තිබූ ඩොලර් මිලියන 400ක ණය මුදල නියමිත පරිදි ගෙවා නිම කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ කල්පිරීමට පෙර එය පියවන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සත්‍ය නොවන බවය.

දෙරට අතර ඉදිරි සහයෝගිතා කටයුතු පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව ක්‍රියාත්මක බව ද මහ බැංකුව අදාළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

(Aruna)