Friday, January 16, 2026
Follow Us
සෙරමික් නිෂ්පාදන ආනයනය ලිහිල් කිරීම තවදුරටත් කල් යයි

නිවාස බිම් ඇතුරුම් ගල් (ටයිල් ) ඇතුළු සෙරමික් නිෂ්පාදන ආනයනය පිණිස පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් ඊයේ (02) දිනයේ දී නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරව කටයුතු කිරීම වළක්වාලමින් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් නව මෙහෙයුම් උපදෙස් නිකුත් කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව ඊයේ (02) නිකුත් කරන ලද අංක 2213/8 අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් අංක 03 හා 04 රෙගුලාසි ක්‍රියාවට නැංවීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා රේගුවට සහ සියලූම වාණිජ බැංකුවලට ආනයන පාලන ජනරාල්වරයා විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ.

(Lanka Leads)