මෙම වසරේ සිට සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට පැළයක් සිටුවීමේ නැකතක් එක් කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ මෙමගින් රට තුළ විශාල පැළ ප්‍රමාණයක් සිටුවීමට අවස්ථාව උදාවන බවයි.
මේ අතර පරිසර අමාත්‍යංශය විසින් පවත්වනු ලබන සාකච්ඡා හා රැස්වීම් මින් පසු ශ්‍රවණාගාර තුළ නොපවත්වා එළිමහන් ස්ථානයක පැවැත්වීමට ද පරිසර අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ හොඳින් හිරුඑළිය ලැබෙන රටක, හොඳින් සුළං හමන රටක දවස පුරා වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කරමින් විශාල සම්පත් නාස්තියක් සිදුකරන බවයි.
එබැවින් පරිසර අමාත්‍යංශයේ මාණ්ඩලික නිලධාරීන්ගේ සාකච්ඡා හා රැස්වීම් සියල්ල එම අමාත්‍යංශයේ පිහිටි වන අරණ තුළ පැවැත්වීමට තීරණය කළ බව අමාත්‍යවරයා සඳහන් කළා. ඒ අනුව පරිසර අමාත්‍යංශ පරිශ්‍රයේ පිහිටි වන අරණ සාකච්ඡා මණ්ඩපයකට සුදුසු අයුරින් සංවර්ධනය කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට උපදෙස් ලබාදී තිබෙනවා.
(Neth)