Monday, September 15, 2025
Follow Us
කෘතිම රා නිෂ්පාදනය කරන ස්ථාන වැටලීම ඇරඹෙයි

කෘතිම රා නිෂ්පාදනය කරන ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව සහ අදාළ බලධාරීන් කටයුතු නොකරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසනවා.

එහි සභාපති රංජිත් විතානගේ ඒ පිළිබඳ කරුණු දැක්වුවා.

මෙම චෝදනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් සුරා බදු දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. එහි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පැවසුවේ සෞඛ්‍යයට අහිතකර මෙම කෘතිම රා නිෂ්පාදනය කරන ස්ථාන වැටලීම සඳහා සිය නිලධාරීන් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

(Neth)