පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඇතුළත් නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම් දී ඇතැයි අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි ඊයේ (02 වැනිදා) පැවසීය.
2019 අප්‍රේල් 21 වැනිදා එල්ලවූ පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක්ද සිල්වාගේ සහභාගිත්වයෙන් යුත් පංච පුද්ගල ජනාධිපති කොමිසමක් පත් කර තිබූ අතර එහි අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත පෙරේදා (01 වැනිදා) භාරදී තිබිණි.
අදාළ අවසන් වාර්තාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවා තිබෙනවා. ඒ අනුව අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමට බලාපොරොත්තු වනවා’’ යැයි අධිකරණ ඇමැතිවරයා පැවසීය. මහනුවර දිස්ත්‍රික්කයේ අධිකරණවල සහ නීතිඥවරුන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා අධිකරණ ඇමැති අලි සබ්, රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ ඇතුළු පිරිසක් ඊයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී මාධ්‍යවේදින් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අධිකරණ ඇමැතිවරයා එසේ පැවසීය.
(Aruna)