Friday, January 16, 2026
Follow Us
ටයිල් සහ සෙරමික් නිෂ්පාදිත ආනයන සීමා ලිහිල් කෙරේ

ටයිල් හා සෙරමික් නිෂ්පාදිත සඳහා පනවා තිබූ ආනයන තහනම ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඊයේ (02වැනිදා) දිනයේ මුදල් අැමැති මහින්ද රාජපක්ෂ නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයකට අනුව අද සිට මෙම තීරණය ක්‍රියාත්මක වේ.

ඒ් අනුව අද (03) සිට සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ 69.05, 69.06,69.07,69.10, 69.11, 69.12,69.13 හා 69.14 යටතේ දක්වා ඇති සියලුම අයිතම සඳහා පැටවීමේ දිනයේ සිට දින 180කට පසු ඒම අයිතම සඳහා ගෙවීම් සිදුකළ යුතුය යන කොන්දේසියට යටත්ව නිදහස් කර තිිිිිබේ.

(Aruna)