සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් හා අනුමැතිය ඇතිව බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි 15 වන දින සිට විවෘත කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ, බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේ අද (01) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
ඒ අනුව සිසුන් විශාල වශයෙන් සිටින පාසල් සහ අවදානම් සහිත පාසල් කිහිපයක් හැරෙන්නට බස්නාහිර පළාතේ සෙසු පාසල් පෙබරවාරි 15 දින සිට විවෘත කරන්නට කළුතර සහ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්ව තීරණයක් ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත පාසල් ගණන 590ක් වන අතර එයින් පාසල් 589ක් ම විවෘත කරන්නට එම කමිටුව නිර්දේශ ඉදිරිපත් ව ඇත.
දිස්ත්‍රික් සංවර්ධන කමිටු නිර්දේශ අනුව, කලුතර දිස්ත්‍රික්කයේ සමස්ත පාසල් ගණන වන 446න් පාසල් 442ක් විවෘත කිරීමෙහි හැකියාව පවතී.
කෙසේ වෙතත් පෙබරවාරි 15 වන දින පාසල් විවෘත කිරීමට නම් සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ලැබිය යුතු බව ද, මේ නිර්දේශ ඉදිරිපත් කර තිබෙන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ, ප්‍රාදේශීය ලේකම් ඇතුළු පිරිසකගේ අධීක්ෂණයකින් අනතුරුව බව ද අමාත්‍යවරයා පැවසීය.
කොළඹ දිස්ත්‍රික්කයේ කමිටු රැස්වීම මේ සතිය තුළ පැවැත්වීමට නියමිත අතර, එහි තත්ත්වය ඉදිරි සතියේ දී ප්‍රකාශයට පත් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
(Aruna)