Wednesday, September 09, 2026
Follow Us
ජාතික නිදහස් උළෙලේ ජාතික ගීය සිංහලෙන් පමණයි

මෙවර ජාතික නිදහස් දින උළෙලේදී ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමට තීරණය කර ඇති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රකාශ කරයි.

නිදහස් දින උළෙල සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (01) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේය.

73 වැනි ජාතික නිදහස් දින සැමරුම නැරඹීමට රට තුළ පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ මහජනතාවට අවසර හිමි නොවන අතර දහස් දින සැමරුමට අදාල ආචාර පෙළපාලියට සහභාගී වන සියලූ භට පිරිස් පී සී ආර් හෝ ඇන්ටිජන් පරීක්ෂණයකට යොමු කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි

(Aruna)