Thursday, January 15, 2026
Follow Us
අර්තාපල් ආනයනය අඩු කරන්න අවධානය

නව වසරේ අර්තාපල් ආනයනය සියයට තිහ දක්වා අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

දැනට වාර්ෂිකව මෙරට අර්තාපල් අවශ්‍යතාවයෙන් සියට හැත්තෑවක් ආනයනය කරයි. නුවරඑළිය හාවාඑළියේ පිහිටි බීජ අල නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන ධාරිතාවය මිලියන තුනේ සිට නවය දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය. මෙරට වාර්ෂික අර්තාපල් අල අවශ්‍යතාවය හොන්ඩර දොළොස්දහසකි.

නුවරඑලිය හා බදුල්ල දිස්ත්‍රික්කවල අර්තාපල් වගාව තවත් ප්‍රචලිත කරමින් මෙම අවශ්‍යතාව දේශීයව නිෂ්පාදනය කිරීම රජයේ අරමුණ බවද අමාත්‍යවරයා කියා සිටියේය.

(Aruna)