Saturday, November 15, 2025
Follow Us
පන්ති කාමරයක සිටිය යුතු උපරිම සිසු ධාරිතාවය නොඉක්මවිය යුතුයි – අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පන්ති කාමරයක සිටිය යුතු උපරිම සිසු ධාරිතාව වන පළමු ශ්‍රේණියේ එක් පන්ති කාමරයක උපරිම සිසු ධාරිතාව 40 සහ සෙසු ශ්‍රේණිවල පන්ති කාමරයක උපරිම සිසු ධාරිතාව 45 නොඉක්මවිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, එක් පන්ති කාමරයක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව සඳහා පනවා ඇති සීමාවන් ඉක්මවා යාමෙන් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ ගැටලු මතුව ඇති බවයි.

(Lanka Leads)